පහු ගිය කාලේ දුන්නම
කන්නන්ට ආතල් ගන්න චන්දයක් තිබ්බනේ මේ චන්දෙදි අලුත් කතා ටිකක් එකතු වෙලා තිබ්බා ,,දුන්නම
කන්නන්ගේ දේශයේ ලොක්කෝ දුන්නම කන්නන්ට මෙහෙම කිව්වා ..හොඳ අය පාර්ලිමේන්තු එවන්න ,උගතුන්
පාර්ලිමේන්තු එවන්න,දුෂිතයන් පාර්ලිමේන්තුවට එවන්න එපා, අරවා මේවා කියමින් චරිතවත්
,සත්ගුණවත් හොඳ බබාලා ටිකක් පාර්ලිමේන්තු එවීමේ වගකීම දුන්නම කන්නන් පිටම පැටවුණා ..ඉතින්
ඔය ටිකට් එක දෙන වෙලාවේම එහෙම කට්ටියක් තේරුවානම් හරිම ලේසියි කියලයි මට නම්
හිතෙන්නේ ,,එතකොට ඔය චන්දෙ ඉල්ලන බබාලාගේ පැටිකිරිය හොයන්න අපේ වටිනා කාලය මිඩංගු
කරන්න වෙන්නේ නෑනේ .
ඊළඟ ප්‍රශ්නේ උගත් එව්වෝ
යවන්නත් ඕනි හොඳ එවුන් යවන්නත් ඕනි ,,දැන් ඔය උගත් කියන හැම එකාම හොඳනම් ලේසියෙන්
තෝරන්න තිබ්බා උපාධි සහතිකේ ,,දරන තානාන්තරේ අරව මේවා බලලා ..මෙයා උගත් හරි හොඳයි කියලා
,ඒත් මේ ඊයේ පෙරේදා නඩුකාර උන්නාන්සේ කෙනෙක්ටත් ගෙදර වැඩ කොරපු කෙල්ලන්ට අහවල්
කාරනාව කරන්න ගියා කියලා චෝදනා එල්ල වෙනවනේ ...දොස්තර මහත්තුරුත් මිනී මරලා අහු
වෙනවනේ ,ලොකු ලොකු උගත්තු රටේ සල්ලි පිල්ලි ගහලා අහු වෙනවනේ ,එතකොට දුන්නම කන්නන්ට
හිතෙනවා ,,උගත් උනාට මදි හොඳ වෙන්නත් ඕනි කියලා ,,දැන් උගත් එව්වෝ අතරින් හොඳ
බබාලා තෝරන්නේ කොහොමද කියන ඒක සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක් ,දැන් මොකෝ අපි උන්ගේ
ගෙවල් වලට රිංගලා දහම් පාසල් සහතික බලන්නද ?අනික හොඳ කියන එකට දෙන නිර්වචනය මොකද්ද
..කොන්ඩේ තෙල් ගාලා පැත්තට පීරන එකාද ?පාරේ දකුණු පැත්තෙන් යන එකාද ?පෝයට
අනිවාරයෙන් පන්සල් යන ,නැත්තම් ඉරිදාට අනිවාරයෙන් පල්ලි යන එකාද ?හරි ප්‍රශ්නයක්..!
හොඳයි කියල කියන්නේ මොකද්ද ?
ඇත්තටම පාර්ලිමේන්තුවේ
ඉන්න ඕනෑ මොන වගේ අයද උපාධි තියෙන අයද ?වෙජිටේරියන් ,අරක්කු නොබොන ,සුදු අඳින ,සුදූකෙලින්නේ
නැති අයද ?හොඳ මිනිස්සුන්ව මනින්නේ කොහොමද ,,සුචරිතවත් සත්ගුණවත් විදිහට ඉන්න උන්
ඇත්තටම හොඳද ?හොඳ කියන්නේ මොකද්ද ?පාර්ලිමේන්තු යවන්න ඕනි මොන වගේ අයද ?සීල් රකින
අයද ?උපාධි තියෙන අයද ?
දුන්නම කන්නන් කියන
කාරනාවක් තමයි මේ අහවල් ඇමති මොන චෝදනා තිබ්බත් පාරවල් ටික හැදුවනේ ..රස්සා
දුන්නනේ ,පොදු වැසිකිලි හැදුවනේ ,,ඔතනට යන ඕනි එකෙක් ගහනවා තමයි ඒ නිසා මේ ඇමති
අපිට හොඳයි කියලා ..දැන් මේ වගේ එකෙක් ගණන් ගැනෙන්නේ හොඳ එකෙක් හැටියටද නරක එකෙක්
හැටියටද ?හොඳ කියන එක සාපේක්ෂයි නේද පුද්ගලයා අනුව දැන් කසිප්පු බොන්න පුරුදු
වෙච්ච එකාට ,කසිප්පු මුදලාලිව පෙනෙන්නේ හරිම හොඳ කෙනෙක් විදිහට .කුඩු ගහන එකාට
කුඩු ගෙන්නන එකා පෙන්නේ හරිම හොඳ කෙනෙක් හැටියට ,එක එක ආතල් තියෙන දුන්නම කන්නන්ට
මේ දේශපාලන බබාලාගේ හොඳ නරක පෙනෙන්නේ එක එක විදිහට .
අනික සම්මුති වලින්
හෙළුව වහගෙන අනුන්ගේ චරිතයක් ආරෝපණය කරගෙන ඉන්න අයගේ නියම ස්වභාවය අපි අඳුන ගන්නේ
කොහොමද ?මම දන්න එකෙක් හිටියා සමලිංගිකත්වය ගැන කිව්වා ගමන් අපේ සංස්කෘතිය ,බටහිරකරණය
,අපේ සභ්‍යත්වය කියාගෙන බුකියේ බනිනවා පලු පැලෙන්න ,එක දවසක් අහම්බෙන් උගේ පරිඝනකය
බැලුවහම තමයි දැක්කේ කාන්තා සමලිංගික චිත්‍රපටි වලින් ඒක පිරිලා කියලා ,,උගෙන්
ඇහුවහම ලැජ්ජාවෙන් කියනවා ඌ බලන්න ආසම ඒවාලු .මේ රඟපාන චරිතය රඟපාන්නේ සම්මුතීන්
ටිකක් ආරක්ෂා කරන්න ,අපි හැමෝම රඟ පානවා ,නැත්තම් දෙන දේ කාලා ඉන්න බැරි වෙනවා ,ඉතින්
අපි කොහොමද උන්ගේ සැබෑ චරිත අඳුනා ගන්නේ .
අනික නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක්නේ
අපේ රටේ දැන් තියෙනවා කියන්නේ ,,එතකොට අපි පාර්ලිමේන්තු යවන්න ඕනි උපාධි තියෙන
වෙජිටේරියන්ලාද ?උන්ට අපේ මතය පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්න පුලුවන්ද ?
පාර්ලිමේන්තුව නම් යාන්ත්‍රණය
තුල දුන්නම කන්නන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද ?ඒ යාන්ත්‍රණය මගින් අපිට අවශ්‍ය
කුමක් ලබා ගන්නද ?තමන්ට සමාජය විසින් ලබා දී ඇති තැන සාධාරණද ?තමන්ගේ ජීවිතය ගැන
තමන් තෘප්තිමත්ද ?අපි තවමත් කන්නේ දෙන දේ නේද ?දුන්නම කන ,දෙන දේ කන ඒකද තමන්ට ලැබිය
යුතු ජීවිතය ?මේ දේවල් ටික ප්‍රශ්න කරනකන් දුන්නම කන්නන්ගේ දේශයේ වැසියන්ට ලැබෙන
බිබික්කමක් නෑ ...තමන්ගේ ජීවිතය ගැන ප්‍රශ්න කරන්නේ නැති හිතන්නේ නැති කෙනෙක්
සමාජයක් ගැන ප්‍රශ්න කරන්නේවත් හිතන්නෙවත් නෑ ..මේ ප්‍රශ්න ටික මේ විදිහට අහනකන් දුන්නම කන්නන්ට විමුක්තිය ලැබෙන්නේ නෑ කවදාවත්ම .

No comments:
Post a Comment