Tuesday, August 25, 2015

දුන්නම කන්නා බ්ලොග් අඩවිය

 දෙන දේ කනවා ,දුන්නොත් කනවා ,නැත්තන් නොකනවා ,ජීවිතය කියන වේදිකාවට ගොඩ වෙලා කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි වෙන කෙනෙක්ගේ පිටපතකට රඟපාන චරිතයකට නමක් දීලා තියෙනවා ,ඉතිං දුන්නම කන්නන්  රඟපානවා ,කනවා ,බොනවා ,හිනාවෙනවා ,ඇත්ත වසන් කරන්න සම්මුති ,සීමා ගොඩක් දාගෙන ,ඒවාට ලස්සන ලස්සන නම් දීගෙන ,ඇත්ත සතා වහගෙන රඟපාන චරිතය ඉස්මතු කරන්න දුන්නම කන්නන්  මොන මොන දේවල් කරනවාද ?සුදු ,කලු කිසිවක් නැති කැත සත්තු ගොඩක් රඟපානවා .

රඟපාන චරිතය යතාර්ථයෙන් ගොඩක් වෙනස් ,යතාර්ථය  කිසි දවසක දකින්නේ නෑ ,චරිතයේ පිටපත යතාර්ථය කියලා පිළිගෙන නිකන් ඉන්නවා ඇරෙන්න දුන්නම කන අයට වෙන විකල්පයක් නෑ ,වේදිකාවේ දිග පළල නොදන්නවා උනාට රඟ පානවා ඇරෙන්න වෙන විකල්පයක් දුන්නම කන්නන්ට ඇත්තෙත් නෑ ..

වේදිකාවෙන් බැහැලා චරිතෙන් මිදිලා තමා ඇතුලේ හැංගිලා ඉන්න අනන්‍ය සත්වයාව එලියට දාන්න මේ දුන්නම කන්නන්ට කිසි දිනක ලැබෙන්නේ නෑ ,ඒ නිසා රඟපාමින් දුන්නම කනවාට වඩා යමක් දුන්නම කන්නන්ට කිසිදා උරුම වන්නේ නෑ

No comments:

Post a Comment