Wednesday, August 26, 2015

ජෙප්පන් තව දුරටත් මාක්ස්වාදීද ?



ලියොන් ට්‍රොට්ස්කි ‘Their Morals And Ours ‘’නම් පොතේ මෙසේ සඳහන් කර ඇත
“මේ සංවිධාන නිර්ධන පන්ති විප්ලවයේ ක්‍රියාමාර්ගය පිළිගන්නා හෙයින් එය සමග අපගේ නො එකඟතාවයක් බැලු බැල්මට ද්විතියක බැව් පෙනෙන්නට තිබේ .ඇත්තෙන්ම,ඔවුන්ගේ පිළිගැනීම අගයක් නොමැති දෙයක් බවට පත් වන්නේ එය ඔවුන් කිසිවකට බැඳ නොතබන බැවිනි .ඔවුන් නිර්ධන පන්ති විප්ලවය පිළිගන්නේ කාන්ටියානුවාදීන් පරම විධානය පිළිගත් ආකාරයෙනි .එනම් ශුද්ධ වූ මුලධර්මයක් හැටියට මිස දෙයිනික ජිවිතයට උපයෝගී කර ගත හැක්කක් ලෙස නොවේ .ප්‍රායෝගික දේශපාලන තලයේදී ඔවුහු අපට එරෙහි අරගලය සඳහා විප්ලවයේ දරුණුම සතුරන් සමග එක් වෙති “
මේ මෑත භාගයේ පැවති මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායක අනුර කුමාර දිසානායක රුපවාහිනි වැඩසටහනකට සහභාගී විය වැඩසටහන මෙහෙයවූ සන්නස්ගල ඔහුගෙන පැනයක් විමසනවා
පැනය- ඔබ මාක්ස්වාදියෙක්ද ?
පිළිතුර - අනිවාර්යෙන්ම ....
නමුත් ඒ වැඩසටහනේ මැද හරියට එන විට අනුර කුමාර තමා විප්ලවය විශ්වාස නොකරන බවත් ,,මේ රටේ මේ නවීන ආයුධ තියෙන හමුදාවක් එක්ක හැප්පෙන්න අපිට බෑ වගේ ග්‍රාම්‍ය කතාවක්ද පවසයි ..එය නිකන් කෝ බං උඹලගේ විප්ලවේ කියා ඇසුවාම ,,අපෝ ඒවා බෑ රාජ්‍ය බලවත් ,ධනපතියන්ගේ ආයුධ බලවත් අපිට විප්ලවය කරන්න බෑ ,අපි බයයි ,වාගේ කතාවක්ය ,දැන් මේ කතාව නැරඹු දුන්නම කන්නන්ට ඔලුව කොලොප්පන් වෙනවා නොඅනුමානය ...ඊට එහා ගියපු අපූරු සිදුවීමක් ඊට ටික කලකට පසු මේ ලිපිය ලියන දුන්නම කන්නාට දකින්නට හැකි විය එයද රුපවාහිනි වැඩසටහනකි ,මාක්ස්වාදී (අනුර කියන හැටියට )ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් නියෝජිතයෙක් පැමිණි සිටි අතර වෙනත් පක්ෂයක නියෝජිතයෙක් ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයාට පැනයක් යොමු කළහ .
පැනය- මහින්ද රාජපක්ෂ මහතා ගෙනාපු අය වැයට ජනතා විමුක්ති පෙරමුණ චන්දෙ දුන්නේ නෑ ,නමුත් එකසත් ජාතික පක්ෂය ගෙනාපු අය වැයට ඔබ තුමන්ලාගේ පක්ෂය චන්දෙ දෙන්නේ නෑ ,මේ අය වැය දෙක අතර තිබෙන ප්‍රතිපත්තිමය වෙනස් කම් මොනවාද ?
පිළිතුර - දැන් මේකයි ගංජා ගහලා ඇවිල්ල මොන මොනවා හරි කියවනවා ,,මේගොල්ල ඉන්නේ සමාජවාදය එනකන් සමාජවාදය එනකන් බලා හිටියොත් හිටියොත් මුකුත් කරන්න වෙන්නේ නෑ ,ජනතාවට සහන ටිකක් ලැබුනා ...අපිට ඒ අය වැය දෙකේම ප්‍රතිපත්තිමය වෙනසක් නෑ ...
අනුර කුමාරගේ සිද්දියෙන් ඔලුව කොලොප්පන් වී සිටි මට මේ සිද්ධියෙන් පසු ,තේරුම් ගත නොහැකි ප්‍රශ්න ගණනාවක් ඇති විය ,,ජනතා විමුක්ති පෙරමුණ සිතන්නේ සමාජවාදය යනු ගංජා ගැසීමෙන් පසු කියවන දෙයක් කියාද ?එසේ නම් අනුර කුමාර තමා මාක්ස්වාදියෙක් කියා හඳුන්වන්නේ බොරුවටද ? ධනවාදය ඇතුලේ තිරෝභුත වී සිටින සමාජයට ජනතා විමුක්ති පෙරමුණ අය වැයෙන් ලබා දෙන සහනය කුමක්ද ?මේ කියන්නේ දුන්නම කන්නන්ගේ දේශයේ ජනතාවට දෙන දේ කන්න ප්‍රශ්න කිරීම් වලින් තොරව ඉඩ දීය යුතු බවද ?එසේ සහන ලැබෙනවානම් පෙර අවස්තාවලදී ධනපති ආණ්ඩුවට ජැක් ගැසීම නිසා අද සමාජය මගින් දුන්නම කන්නන් මත වැටෙන පීඩනය අල්ප වී ඇත්ද ?මඩේ ලගින තාරාවන්  මඩෙන් ගොඩ ගන්නට උත්සාහ කරනවා විනා උන්ව නහවා පලක් නැත ,,ලැබෙන්නේ තාවකාලික සුවයක් පමණි ,,දැන් ජනතා විමුක්ති පෙරමුණ යෙදෙන්නේ මඩේ ලගින තාරාවන් නාවන තාලේ දේශපාලනයකද ?සමාජවාදය එනකන් හිටියොත් මුකුත් කර ගන්නට වෙන්නේ නෑ කියමින් මුකුත් කර ගන්නට හදන්නේ ධනවාදය ඇතුලෙද?
තේරුම් ගත නොහැකි ගැටළු රාශියක් මට සිතේ ඇති විය ...ජනතා විමුක්ති පෙරමුණ දැන් පෙනී සිටින්නේ නිර්ධන පංතිය වෙනුවෙන් නෙමෙයිද ?රෝහණ විජේවීර පැරණි වම ධනපති ආණ්ඩුවට ජැක ගැසීම නිර්ධය ලෙස විවේචනයට බඳුන් කළේය ,ඔහු ජනතා විමුක්ති පෙරමුණ ගොඩ නැගීමේදී බලාපොරොත්තු වූ යුගයේ දේශපාලන අවශ්‍යතාවය මෙයද ?
අද වෙනකොට පංතියත් එක්ක සමායෝජනය වීම පසෙකලා ,මාද්‍ය සංදර්ශන මගින් ගොඩ නැගෙන ජනප්‍රියත්වයෙන් දියවන්නාව තරණය කිරීමට උත්සාහ කිරීම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන උපාය මාර්ගය වී ඇත්ද ?අනිකුත් ධනපති පක්ෂ සමග හරි හරියට රුපවාහිනියේ රේඩියෝවේ ප්‍රචාරක කටයුතු වල යෙදුනු ජනතා විමුක්ති පෙරමුණට බලාපොරොත්තු වූ තරම් ජනතා ප්‍රසාදයක් හිමි නොවුයේ මන්ද ?
ප්‍රමාණාත්මක වෙනස් කම් ගුණාත්මක ලෙස වර්ධනය වීම ,මෑත ඉතිහාසයේ ජනතා විමුක්ති පෙරමුණ තුල අපි දුටුවේ නැත ,එය එලෙස සිදු වූයේ ඇයි ?ජනතා විමුක්ති පෙරමුණ සමාජවාදය අමතක කර ,පංතිය පැත්තකට දමා සුළු ධනේශ්වර ජනප්‍රිය දේශපාලනයේ යෙදීම හේතුවෙන්ද ?

සැබවින්ම ජනතා විමුක්ති පෙරමුණ මාක්ස්වාදීද ?

Tuesday, August 25, 2015

හොඳ බබාලා පාර්ලිමේන්තු යවනු ලැබේ ...




පහු ගිය කාලේ දුන්නම කන්නන්ට ආතල් ගන්න චන්දයක් තිබ්බනේ මේ චන්දෙදි අලුත් කතා ටිකක් එකතු වෙලා තිබ්බා ,,දුන්නම කන්නන්ගේ දේශයේ ලොක්කෝ දුන්නම කන්නන්ට මෙහෙම කිව්වා ..හොඳ අය පාර්ලිමේන්තු එවන්න ,උගතුන් පාර්ලිමේන්තු එවන්න,දුෂිතයන් පාර්ලිමේන්තුවට එවන්න එපා, අරවා මේවා කියමින් චරිතවත් ,සත්ගුණවත් හොඳ බබාලා ටිකක් පාර්ලිමේන්තු එවීමේ වගකීම දුන්නම කන්නන් පිටම පැටවුණා ..ඉතින් ඔය ටිකට් එක දෙන වෙලාවේම එහෙම කට්ටියක් තේරුවානම් හරිම ලේසියි කියලයි මට නම් හිතෙන්නේ ,,එතකොට ඔය චන්දෙ ඉල්ලන බබාලාගේ පැටිකිරිය හොයන්න අපේ වටිනා කාලය මිඩංගු කරන්න වෙන්නේ නෑනේ .                                                                                                                                                                                                                                                                                                             
ඊළඟ ප්‍රශ්නේ උගත් එව්වෝ යවන්නත් ඕනි හොඳ එවුන් යවන්නත් ඕනි ,,දැන් ඔය උගත් කියන හැම එකාම හොඳනම් ලේසියෙන් තෝරන්න තිබ්බා උපාධි සහතිකේ ,,දරන තානාන්තරේ අරව මේවා බලලා ..මෙයා උගත් හරි හොඳයි කියලා ,ඒත් මේ ඊයේ පෙරේදා නඩුකාර උන්නාන්සේ කෙනෙක්ටත් ගෙදර වැඩ කොරපු කෙල්ලන්ට අහවල් කාරනාව කරන්න ගියා කියලා චෝදනා එල්ල වෙනවනේ ...දොස්තර මහත්තුරුත් මිනී මරලා අහු වෙනවනේ ,ලොකු ලොකු උගත්තු රටේ සල්ලි පිල්ලි ගහලා අහු වෙනවනේ ,එතකොට දුන්නම කන්නන්ට හිතෙනවා ,,උගත් උනාට මදි හොඳ වෙන්නත් ඕනි කියලා ,,දැන් උගත් එව්වෝ අතරින් හොඳ බබාලා තෝරන්නේ කොහොමද කියන ඒක සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක් ,දැන් මොකෝ අපි උන්ගේ ගෙවල් වලට රිංගලා දහම් පාසල් සහතික බලන්නද ?අනික හොඳ කියන එකට දෙන නිර්වචනය මොකද්ද ..කොන්ඩේ තෙල් ගාලා පැත්තට පීරන එකාද ?පාරේ දකුණු පැත්තෙන් යන එකාද ?පෝයට අනිවාරයෙන් පන්සල් යන ,නැත්තම් ඉරිදාට අනිවාරයෙන් පල්ලි යන එකාද ?හරි ප්‍රශ්නයක්..! හොඳයි කියල කියන්නේ මොකද්ද ?
ඇත්තටම පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑ මොන වගේ අයද උපාධි තියෙන අයද ?වෙජිටේරියන් ,අරක්කු නොබොන ,සුදු අඳින ,සුදූකෙලින්නේ නැති අයද ?හොඳ මිනිස්සුන්ව මනින්නේ කොහොමද ,,සුචරිතවත් සත්ගුණවත් විදිහට ඉන්න උන් ඇත්තටම හොඳද ?හොඳ කියන්නේ මොකද්ද ?පාර්ලිමේන්තු යවන්න ඕනි මොන වගේ අයද ?සීල් රකින අයද ?උපාධි තියෙන අයද ?
දුන්නම කන්නන් කියන කාරනාවක් තමයි මේ අහවල් ඇමති මොන චෝදනා තිබ්බත් පාරවල් ටික හැදුවනේ ..රස්සා දුන්නනේ ,පොදු වැසිකිලි හැදුවනේ ,,ඔතනට යන ඕනි එකෙක් ගහනවා තමයි ඒ නිසා මේ ඇමති අපිට හොඳයි කියලා ..දැන් මේ වගේ එකෙක් ගණන් ගැනෙන්නේ හොඳ එකෙක් හැටියටද නරක එකෙක් හැටියටද ?හොඳ කියන එක සාපේක්ෂයි නේද පුද්ගලයා අනුව දැන් කසිප්පු බොන්න පුරුදු වෙච්ච එකාට ,කසිප්පු මුදලාලිව පෙනෙන්නේ හරිම හොඳ කෙනෙක් විදිහට .කුඩු ගහන එකාට කුඩු ගෙන්නන එකා පෙන්නේ හරිම හොඳ කෙනෙක් හැටියට ,එක එක ආතල් තියෙන දුන්නම කන්නන්ට මේ දේශපාලන බබාලාගේ හොඳ නරක පෙනෙන්නේ එක එක විදිහට .
අනික සම්මුති වලින් හෙළුව වහගෙන අනුන්ගේ චරිතයක් ආරෝපණය කරගෙන ඉන්න අයගේ නියම ස්වභාවය අපි අඳුන ගන්නේ කොහොමද ?මම දන්න එකෙක් හිටියා සමලිංගිකත්වය ගැන කිව්වා ගමන් අපේ සංස්කෘතිය ,බටහිරකරණය ,අපේ සභ්‍යත්වය කියාගෙන බුකියේ බනිනවා පලු පැලෙන්න ,එක දවසක් අහම්බෙන් උගේ පරිඝනකය බැලුවහම තමයි දැක්කේ කාන්තා සමලිංගික චිත්‍රපටි වලින් ඒක පිරිලා කියලා ,,උගෙන් ඇහුවහම ලැජ්ජාවෙන් කියනවා ඌ බලන්න ආසම ඒවාලු .මේ රඟපාන චරිතය රඟපාන්නේ සම්මුතීන් ටිකක් ආරක්ෂා කරන්න ,අපි හැමෝම රඟ පානවා ,නැත්තම් දෙන දේ කාලා ඉන්න බැරි වෙනවා ,ඉතින් අපි කොහොමද උන්ගේ සැබෑ චරිත අඳුනා ගන්නේ .
අනික නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක්නේ අපේ රටේ දැන් තියෙනවා කියන්නේ ,,එතකොට අපි පාර්ලිමේන්තු යවන්න ඕනි උපාධි තියෙන වෙජිටේරියන්ලාද ?උන්ට අපේ මතය පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්න පුලුවන්ද ?

පාර්ලිමේන්තුව නම් යාන්ත්‍රණය තුල දුන්නම කන්නන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද ?ඒ යාන්ත්‍රණය මගින් අපිට අවශ්‍ය කුමක් ලබා ගන්නද ?තමන්ට සමාජය විසින් ලබා දී ඇති තැන සාධාරණද ?තමන්ගේ ජීවිතය ගැන තමන් තෘප්තිමත්ද ?අපි තවමත් කන්නේ දෙන දේ නේද ?දුන්නම කන ,දෙන දේ කන ඒකද තමන්ට ලැබිය යුතු ජීවිතය ?මේ දේවල් ටික ප්‍රශ්න කරනකන් දුන්නම කන්නන්ගේ දේශයේ වැසියන්ට ලැබෙන බිබික්කමක් නෑ ...තමන්ගේ ජීවිතය ගැන ප්‍රශ්න කරන්නේ නැති හිතන්නේ නැති කෙනෙක් සමාජයක් ගැන ප්‍රශ්න කරන්නේවත් හිතන්නෙවත් නෑ ..මේ ප්‍රශ්න ටික මේ විදිහට අහනකන් දුන්නම කන්නන්ට විමුක්තිය ලැබෙන්නේ නෑ කවදාවත්ම .

දුන්නම කන්නා බ්ලොග් අඩවිය

 දෙන දේ කනවා ,දුන්නොත් කනවා ,නැත්තන් නොකනවා ,ජීවිතය කියන වේදිකාවට ගොඩ වෙලා කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි වෙන කෙනෙක්ගේ පිටපතකට රඟපාන චරිතයකට නමක් දීලා තියෙනවා ,ඉතිං දුන්නම කන්නන්  රඟපානවා ,කනවා ,බොනවා ,හිනාවෙනවා ,ඇත්ත වසන් කරන්න සම්මුති ,සීමා ගොඩක් දාගෙන ,ඒවාට ලස්සන ලස්සන නම් දීගෙන ,ඇත්ත සතා වහගෙන රඟපාන චරිතය ඉස්මතු කරන්න දුන්නම කන්නන්  මොන මොන දේවල් කරනවාද ?සුදු ,කලු කිසිවක් නැති කැත සත්තු ගොඩක් රඟපානවා .

රඟපාන චරිතය යතාර්ථයෙන් ගොඩක් වෙනස් ,යතාර්ථය  කිසි දවසක දකින්නේ නෑ ,චරිතයේ පිටපත යතාර්ථය කියලා පිළිගෙන නිකන් ඉන්නවා ඇරෙන්න දුන්නම කන අයට වෙන විකල්පයක් නෑ ,වේදිකාවේ දිග පළල නොදන්නවා උනාට රඟ පානවා ඇරෙන්න වෙන විකල්පයක් දුන්නම කන්නන්ට ඇත්තෙත් නෑ ..

වේදිකාවෙන් බැහැලා චරිතෙන් මිදිලා තමා ඇතුලේ හැංගිලා ඉන්න අනන්‍ය සත්වයාව එලියට දාන්න මේ දුන්නම කන්නන්ට කිසි දිනක ලැබෙන්නේ නෑ ,ඒ නිසා රඟපාමින් දුන්නම කනවාට වඩා යමක් දුන්නම කන්නන්ට කිසිදා උරුම වන්නේ නෑ